මේ වසරේ ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ජනවාරි පළමු දින සිට 26දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයන් ගණන 212,838ක් බවයි.
මෙම කාලසීමාව තුළ ඉන්දීය ජාතිකයන් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා.
එම සංඛ්‍යාව දැක්වෙන්නේ 37,383ක් ලෙසයි.