සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් දේශීය වෙළඳපොළේ එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එහිදී හැටන් ප්‍රදේශයේ වෙළඳුන් කියා සිටියේ බෝංචි කිලෝවක් රුපියල් 600-700ක් වන අතර බටු කිලෝවක් රුපියල් 600, කැරට් කිලෝවක් රුපියල් 400ක්, නුවරඑළිය අල කිලෝවක් රුපියල් 600ක්, තක්කාලි කිලෝවක් රුපියල් 800ක් සහ අනෙකුත් සෑම එළවලුවක්ම රුපියල් 400-500ත් අතර වන බවයි.

එමෙන්ම පොල් මිලද රුපියල් 180 සිට 220 දක්වා සිල්ලර මිලකට අලෙවි වන බව කියා සිටි අතර ඇඹුල් සහ සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 160කට අලෙවි කරන බව ප්‍රකාශ කළා.

වෙළඳුන් කියා සිටියේ පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් එළව්ලු මිල ඉඅහල යාමට හේතුවක් වූ බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *