එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ දන්සල පවත්වන ස්ථානයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතු බවයි.

එමෙන්ම මැයි මස 09 වන දිනට පෙර දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතු බව චමිල් මුතුකුඩ වැඩිදුරටත් සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *