රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රැෂෙනිනිකොව් ගිනි කන්ද ඊයේ (02) සක්‍රීය වී තිබෙනවා.
ඒ වසර 600කට ආසන්න නිහඬතාවයකින් පසුවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය මීට පෙර වසර 1450දී පමණ අවසන් වරට සක්‍රීය වූ බවයි.
පසුගිය දා රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න පැසිෆික් සාගරයේ සුනාමි තත්ත්වයක් ද ඇති කරමින් හටගත් රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පාවේ බලපෑම හේතුවෙන් මෙම ගිනි කන්ද සක්‍රීය වන්නට ඇති බවට විශේෂඥයින් විසින් මත පල කර තිබෙනවා.