වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමට මාතර වැඩ බලන මහේස්ත්‍රාත් හා නීතීඥ උපාලි රණසිංහ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී සිදුවූ වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයෙක්තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *