පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවන අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.

එම මණ්ඩලය සඳහන් කළේ ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනාගත්, උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට ද කටයුතු සලසා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *