Whatsapp සමාගම විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෙනත් පුද්ගලයෙක්ට යොමු කරන හඬ පණිවිඩයක් ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකි බවයි වාර්තා වන්නේ.

එම සමාගම නිවේදනය කළේ තෙවන පාර්ශවයන්ට හඬ පණිවිඩ හෝ ඔවුන්ගේ පෙළ අනුවාදවලට ප්‍රවේශ විය නොහැකි බවයි.

අදාළ පණිවිඩ තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් වන බවද Whatsapp සමාගම සඳහන් කළා.

මෙම විශේෂාංගය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *