දිගන දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ කාර් රථයක පදික කාන්තාවක් ගැටී ඊයේ (19) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මහනුවර මහියංගණය මාර්ගයේ හේන්වල ප්‍රදේශයේදීයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව යක්කගහපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් වන තුන්දෙණිය ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පල්ලෙකැලේ පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *