අද (18) අලුයම් කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් වනඅලියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ගල්ලෑල්ල සුදු නෙළුම්ගම ප්‍රදේශයේදීයි.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම 3.00 සිට වනඅලියා එම ගම්මානයේ සැරිසරමින් සිටි බවයි.

අදාළ වනඅලියා ගමට පැමිණි මොහොතේ ගම්වාසීන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට පියවර ගෙන තිබූ නමුත් නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *