අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ අද (02) පෙරවරුවේ ත්‍රිරෝද රථයක් ගැටී තිබෙනවා.

එහිදී වාර්තා වන්නේ අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක කාන්තාවක්.

බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ මෙම ත්‍රිරෝද රථය ගැටී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *