රුපියල් මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් රුපියල් මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (20) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මහ බැංකුව නිවේදනය කළේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක් වටිනා බිල්පත් එහිදී වෙන්දේසි කරන බවයි.
එමෙන්ම දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්ද එහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.