ඇමරිකාව ලබා දුන් දිගු දුර මිසයිල යුක්රේනය පළමුවරට භාවිත කරමින් රුසියාවට පහර දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි බවයි.

යුක්රේනය​ට ආසන්නයේ පිහිටි රුසියාවට අයත් බ්‍රයන්ස්ක් ප්‍රදේශය මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

එහිදී මිසයිල 05ක් එල්ල කර ඇති බවත් එක් ප්‍රහාරයකින් හමුදා කඳවුරකට හානි සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *