යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් සංචාරකයන් සඳහා විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ මේ වන විට වසා දමා ඇති කලාප තුන සහ හතරද නැවත විවෘත කරන බවයි.

යාල ජාතික වනෝද්‍යානයේ වාර්තා වන අධික සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *