මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් ආණ්ඩුව වී මෙට්‍රික් ටොන් 60කටත් අඩු ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා.
හිටපු කෘෂි කර්මාන්ත අධ්‍යක්ෂක කේ. පී. ගුනරත්න සඳහන් කළේ රජය මිලදී ගන්නා වී ප්‍රමාණයෙන් 0.1% වත් මිලදී ගෙන නොමැති බවයි.
මේ අතර උත්සව සමයේදී සහල් හිඟයක් ඇති වුවහොත් සහල් ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ, අහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.