මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ නියෝගයක් මතයි.
සැකකරුට රුපියල් ලක්ෂ 500 බැඟින් වූ ශරීර ඇප දෙකක් සහ විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
මේ සම්බන්ධව දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙන බවයි සඳහන් වෙන්නේ.