නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ ඇයගේ ගමන් මලු 02ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් වන අතර ඇය ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *