රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේන ආක්‍රමණ නතර කරමින් ප්‍රකාශයට පත් කළ පැය 30ක පාස්කු සටන් විරාමය කඩ කළ බව යුක්‍රේනය චෝදනා කරනවා.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සේලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමය ආරම්භයේ සිට රුසියානු හමුදාව එය 3,000 වාරයකට අසන්න ප්‍රමාණයක් කඩකර ඇති බවයි.

කෙසේ වෙතත් රුසියාව චෝදනා කරන්නේ සටන් විරාම කාලය අතරතුර යුක්‍රේනය විසින් එල්ලකළ ඩ්‍රෝන් සහ ෂෙල්වෙඩි සිය ගණනක් මැඩපැවැත්විමට කටයුතු කර තිබෙනවා.

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවට යෝජනා කර ඇත්තේ අවම වශයෙන් දින 30ක කාලයක් හෝ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *