Category: LOCAL NEWS

ලංකාවේ නිල සංචිත ඉහළ යයි

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මෙම වර්ෂයේ අප්‍රේල් මාසය වන විට 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක්ව පැවති නිල සංචිත…

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේ

ඊයේ (06) ආරම්භ වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් අග වන විට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසනවා. (rednews)

විජයදාසගේ පෙත්සම නිෂ්ප්‍රභා වෙයි

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළා. ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා…

ග්‍රාම නිලධාරී වැඩවර්ජනය අදත්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වුණා. ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණේ, සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරීන්ට ලබා නොදීම…

දිවයිනට රැගෙන ආ මන්නා රමේෂ්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අදිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් අද දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඒ අනුව අද (07) අලුයම ඩුබායිහි…

සරසවි අනධ්‍යන සේවක වැඩවර්ජනය අදත්

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වුණා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ උසස්…

රැකියා නැති උපාධිධාරීන් උතුරු මැද පළාත් සභාව වටලයි

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (06) උතුරු මැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවයක නිරත වුණා. එහිදී නොසන්සුන්තාවක්ද හටගෙන ඇති අතර විරෝධතාකරුවන් 22 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. (rednews)

අවාරයේ සිරිපා කරුණාව විදේශිකයින්ට පමණක් සීමා වෙයි

අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පවසනවා. ඒ අනුව ශ්‍රී පාද වන්දනා වාරය…

සවස් කාලයේදී අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ගිගුරුම් සහිත වැසි…

කොත්තු සහ රයිස් මිල අඩු වෙයි

ගෑස් මිල පහළ යාමත් සමඟ ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොත්තු සහ රයිස් මිල රුපියල් 20කින් අඩු කළ බව…