පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වීම සඳහා තවමත් 20 හැවිරිදි වියේ පසුවන බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටින අතර ඔහු මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වීම වි⁣ශේෂත්වයකි.

ඒ අනුව ඔහු මෙවර ඔලිම්පික් බැඩ්මින්ටන් ඉසව්ව සඳහා පිරිමි ඒකල අංශයෙන් ඉදිරිපත් වීමට නියමිත බව ඊයේ (18) වැනිදා ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී දැනුම්දෙන ලදී.

පසුගිය කාළය පුරා මෙරට මෙන්ම ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරඟ ඉසව් 11ක් සඳහා සහභාගී වෙමින් ප්‍රසාද ලකුණු 24,030ක් ලබාගත් විරේන් ඔලිම්පික් සඳහා ඍජු සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර මේ වන විට ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි 72 වන ස්ථානයේ රැඳී සිටිමින් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ බැඩ්මින්ටන් ක්‍රීඩකයන් අතරින් 32 වන ස්ථානය සනිටුහන් කිරීමට විරේන්ට හැකියාව ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *