කොළඹ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 5 සහ 6, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව යන මහ නගර සභා බල ප්‍රදේශ සහ ජයන්තිපුර, පැලවත්ත යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්‍ෂණ ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළා.

(rednewsalert)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *