මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම පසුගියදා ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 විවෘත කළේය. එය කොළඹ නගර සීමාව තුළ නිසංසල සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට වඩාත් සුදුසු වටපිටාවක පිහිටි මහල් නිවාස සංකීර්ණයකි. මෙම ව්‍යාපෘතියේ දැකිය හැකි කැපී පෙනෙන නවතම වාස්තු විද්‍යාත්මක සැළසුම ක්‍රියාකාරී ජීවන අවකාශ සහ සෞන්දර්යාත්මක බව එකට කැටි කර ගත් එකකි. ඒ තුළ නාගරික පරිසරයක් තුළ සම්ප්‍රදායේ සහ නවීනත්වයේ සුසංයෝගයක් පිළිබිඹු වේ.  නාගරික පරිසරයක් මධ්‍යයේ පිහිටි මෙම අපූරු මහල් නිවාස සංකීර්ණයේ නිවාස හිමියන්ට නවීන පහසුකම්වලින් සමන්විත කාය වර්ධන මධ්‍යස්ථාන, මනරම් පරිසරයක් සහිත උද්‍යාන සහ අවට පරිසරය ඉතා හොඳින් දැකීමට ඉඩ සළසන ඉහළම මහලේ පිහිටි විවේකාගාරය වැනි බොහෝ පහසුකම් අත්විඳිය හැකිය.

සෑම විටම පරිසර හිතකාමී සහ තිරසාර බවට ප්‍රමුඛතාව දෙන Westbury Suites සමාගම බලශක්තිය ඉතිරි කරන විදුලි ආලෝක පද්ධති, වැසි ජලය රැස් කරන ඒකක සහ හරිත අවකාශ වැනි බොහෝ අංග මෙම මහල් නිවාස සංකීර්ණයට එක් කර ඇත. එහි ඇති නවීන තාක්ෂණය පදනම් කර ගත් පහසුකම් සමඟ සුව පහසුවෙන් සහ ආරක්‍ෂිත බවින් සපිරි ජීවිතයක් ගත කිරීමට නිවාස හිමියන්ට හැකි වේ. ප්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා ආයතන, බැංකු හා අනෙකුත් මූල්‍ය සමාගම් සහ ව්‍යාපාර මධ්‍යස්ථානවලට නුදුරින් Westbury Residencies – Colombo 10 මහල් නිවාස සංකීර්ණය පිහිටා තිබේ. එමඟින් නගරයේ හදවත වැනි ස්ථානයක ජීවත් වීමට නිවාස හිමියන්ට අවස්ථාව ලැබේ.නිසංසල පරිසරය, සුව පහසුව, තිරසාර බව සහ ප්‍රජා දායකත්වය ප්‍රවර්ධනය කරන Westbury Residencies – Colombo 10 මහල් නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයකි. එහි නිවසක් මිලට ගැනීමට සුළු පිරිසකට තවමත් අවස්ථාව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *